පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරුගේ ඥාති සහෝදරයෙකුට අයත් රජයේ ඉඩමක් පැමිණිලිකරුගේ නමට පවරා ඔප්පුවක් සකස්කර ගැනීමට අවශ්‍ය ඉඩමේ වටිනාකමට අදාළ තක්සේරු වාර්තාවේ ඉඩමේ වටිනාකම අඩුවෙන් සඳහන් කර ඒ සඳහා ගෙවිය යුතු මුද්දර ගාස්තු මුදල ද අඩු කර සකස් කර දී ඊට අදාළ තක්සේරු වාර්තාව ලබා දීමට අවශ්‍ය කටයුතු සිදුකර දීම වෙනුවෙන් රු.50,000/- ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා එම මුදල රු.35,000/- දක්වා අඩුකර ඉල්ලා ලබා ගැනීමේ අල්ලස් චෝදනා මත පොළොන්නරුව, පළාත් ආදායම් දිස්ත්‍රික් කාර්යාලයේ සේවයේ නියුතු කාර්යාල සනීපාරක්ෂක කම්කරුවෙකු වූ එදිරිවීර ආරුකට්ටු පටබැඳිගේ සුමිත් ඉංදික කුමාර යන අය 2026.05.13 වන දින පෙ.ව.9.27 ට පමණ පොළොන්නරුව, පළාත් ආදායම් දිස්ත්‍රික් කාර්යාලයේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.








