පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, කුරුණෑගල බස්නැවතුම්පල සහ වෙළඳ සංකීර්ණයේ නඩත්තු හා පිරිසිදු කිරීම සඳහා පැමිණිලිකරු විසින් ලබාගෙන තිබූ ටෙන්ඩරයේ වැසිකිළි පද්ධතියේ ජල ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂ 40ක් හිඟව පැවතීම හේතුවෙන් බස්තැවතුම්පල පිරිසිදු කිරීමේ ගිවිසුම කුරුණෑගල මහනගර සභාව විසින් අහෝසි කිරීමට යන බව පවසා එම ගිවිසුම අවලංගු වීම වැළැක්වීමටත්, ඒ සඳහා ඉදිරියේදීත් මන්ත්‍රීවරුන්ගේ ද සහාය ඇතිව උදව් උපකාර කිරීම සඳහාත්, රුපියල් ලක්ෂ 50 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඉදිරියටත් මෙම කොන්ත්‍රාත් කටයුත්ත කරදරයකින් තොරව කරගෙන යාමට මාසිකව ද රුපියල් ලක්ෂ 05 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, ගිවිසුම අවලංගු වීම වැළැක්වීම සඳහා අල්ලස් ලෙස මුලින් ඉල්ලූ රුපියල් ලක්ෂ 50 ක මුදල රුපියල් ලක්ෂ 30 දක්වා අඩු කර ඉල්ලා ලබා ගැනීමේ අල්ලස් චෝදනා මත කුරුණෑගල, මහ නගර සභාවේ උප නගරාධිපති මොහම්මදු මොයිනුඩීන් මොහම්මට් අෂාර්ඩීන් යන අය 2026.05.08 වන ප.ව.6.00ට පමණ බත්තරමුල්ල පිහිටි හෝටලයක් තුළ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.








