රු.200,000/- ක (රුපියල් ලක්ෂ දෙක) ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබාගැනීමේ චෝදනාව මත පෑලියගොඩ මූලස්ථාන පොලිසියේ සේවය කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනාවකට අදාළව 2026.04.19 දින පෑලියගොඩ පොලීසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයෙකුහට නීති මඟින් කටයුතු නොකර, නිදහස් කිරීමට අල්ලස් වශයෙන් රු.200,000/- ක (රුපියල් ලක්ෂ දෙක) ක මුදලක් ඉල්ලා ලබාගැනීම සම්බන්ධව 2026.04.24 දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් වැටලීමක් සිදු කරන ලදි. එහි දී එක් පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් අතර, තවත් පොලිස් කොස්තාපල්වරයෙකු අදාළ ස්ථානයෙන් පලා යන ලදි.

එලෙස පලා යන ලද පොලිස් කොස්තාපල්වරයා වූ කිවුල්දෙනිය හේරත් මුදියන්සේලාගේ දිනූෂ ෂෙහාන් බණ්ඩාර කිවුල්දෙනිය යන අය 2026.05.04 දින පෙ.ව.9.40‌ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search