මුලතිව් ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරු විසින් මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ ඇඳ ඇතිරිලි සෝදා පවිත්‍ර කිරීම සඳහා ලබාගෙන ඇති ටෙන්ඩරයට අදාළව මාර්තු මසට අයවිය යුතු ගාස්තුව සඳහා ලබාදිය යුතු චෙක්පත නිදහස් කිරීම සඳහා රු.30,000/- (රුපියල් තිස්දහසක) මුදලක් ඉල්ලා, ලබාගැනීමේ අල්ලස් චෝදනා මත, මුලතිව් දිස්ත්‍රික් රෝහලේ සේවයයේ නියුතු ගණකාධිවරයෙකු වූ සන්මුගරාසා ප්‍රදීපන් සහ කළමණාකරණ සහකාරවරයෙකු වූ කාසිපිල්ලෙයි කාන්දීපන් යන අයවලුන් 2026.04.18 දින පිළිවෙළින් පෙ.ව 11.10 ට සහ පෙ.ව.11.05 ට මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ ගිණුම් අංශයේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.








