අරක්කු බෝතලයක් ඉල්ලා, ලබාගැනීමේ අල්ලස් චෝදනා මත, ධර්මපූරම් පොලිස් ස්ථානයේ , පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරු විසින් මිල දී ගත් නව යතුරු පැදිය 2026.04.08 වන දින අංක තහඩු නොමැතිව ධාවනය කිරීමේ වරදට සහ ආදායම් බලපත්‍රයක් නොමැතිව ධාවනය කිරීමේ වරදට නීති මඟින් කටයුතු නොකර සිටීමට අල්ලස් වශයෙන් රු.10,000/- ක මුදලක් ඉල්ලා, එපමණ මුදලක් පැමිණිලිකරුට ලබා දීමට නොහැකි බවට දන්වා සිටි අවස්ථාවේ දී සැකකරු අරක්කු බෝතලයක් ඉල්ලා එය ලබා දෙන තෙක් පැමිණිලිකරුගේ ජාතික හැඳුනුම්පත වෙනුවට නිකුත් කර ඇති ලිපිය ඇපයට තබා ගෙන, අද දින (2026.04.09) පැමිණිලිකරු‌ගෙන් අල්ලස් වශයෙන් අරක්කු බෝතලයක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත ධර්මපූරම් පොලිස් ස්ථානයේ , පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස සේවය කරන ප්‍රභාත් මධුෂන්ක දිසානායක යන අය 2026.04.09 දින ප.ව 3.03ට පමණ ධර්මපුරම් පොලිස් ස්ථානය අසල පිහිටි දුරකථන වෙළඳසැලක් අසල වසා ඇති ගොඩනැගිල්ල අසල දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search