රු.45,000/- ක (රුපියල් හතළිස්පන්දහසක) මුදලක් ඉල්ලා, ලබාගැනීමේ අල්ලස් චෝදනාව මත, තැරැව්කරුවෙකු අත්අඩංගුවට

නෝවුඩ් ප්‍රදේශයේ පදිංචිකාරියක විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, සැකකරු ඉඩම් කොමසාරිස් කාර්යාලයේ නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ඔප්පුවක් හෝ බලපත්‍රයක් නොමැතිව පැමිණිලිකාරිය පදිංචිව සිටින ඉඩමට ඔප්පුවක් සාදා දෙන බව පවසා, වරින්වර රු.275,000/- ක් ලබා ගෙන ඉඩම පිහිටි නෝවුඩ් වසම භාර ග්‍රාම නිලධාරීගේ වාර්තාව ලබා ගැනීමට ග්‍රාම නිලධාරියාට ලබා දීමට බවට පවසා රු.45,000/- (රුපියල් හතළිස්පන්දහස) ක මුදලින් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබාගැනීමේ චෝදනාව මත ගවරවිල,අප්කට් සාමිමලේ ප්‍රදේශයේ පදිංචි තැරැව්කරුවෙකු 2026.04.06 දින පෙ.ව 10.47ට පමණ අයිරදි හංදිය පාලම අසල දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි. 

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search