මොණරාගල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයන් දෙදෙනෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, මොණරාගල ප්‍රාදේශීය සභාව මඟින් ටෙන්ඩර් ක්‍රමයට ලබා දී ඇති ගවමස් වෙළඳසැල සහ පොදු වැසිකිළිය පිරිසිදුව හා නිසි ක්‍රමවේදයට අනුව, පවත්වාගෙන නොයන බව දන්වා එම ස්ථාන මුද්‍රා නොකර නඩු නොදා සිටීමට හා ටෙන්ඩර්ගත වාරික මුදල් නිසි පරිදි නොගෙවීමට අදාළව එම හිඟ ටෙන්ඩර් වාරික මුදල් ගෙවීමට සහන කාලයක් ලබා දීමට හා ඉහත ආයතන පවත්වාගෙන යාමට උදව් කර දීම සඳහා අල්ලස් ලෙස රුපියල් 100,000 /- ක මුදලක් ඉල්ලා එකී මුදලින් රු.10,000/- ක මුදලක් මුලින් ලබා ගෙන, ඉතිරි රු.90,000/- ක මුදලින් රු.50,000/- ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත මොණරාගල ප්‍රාදේශීය සභාවේ, ආදායම් පරීක්ෂකවරයෙකු 2026.03.29 වන දින පෙ.ව.8.55 ට පමණ මොණරාගල බස් නැවතුම්පල අසල ඇති පොදු වැසිකිළියේ ඉහත මාලයේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
නවතම පුවත්
සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරිනියක (විශ්‍රාමික) දූෂණ වරද මත අත්අඩංගුවට
අප්‍රේල් 28 2026
අල්ලස් ලබාගත් කම්කරු ක්ෂේත්‍ර නිලධාරියෙකුට වසර 06 බැගින් සිරදඬුවම්
අප්‍රේල් 28 2026








