රු.4,000/- ක (රුපියල් හාරදහසක) මුදලක් ඉල්ලා, ලබාගැනීමේ අල්ලස් චෝදනාව මත, අක්කරපත්තුව පොලිස් ස්ථානයේ (රථ වාහන අංශය) පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට

අක්කරපත්තුව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරියෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරු විසින් පදවන යතුරු පැදියෙන් ඔහුගේ මව වැටී සිදු වූ රිය අනතුරු සම්බන්ධව 119 පැමිණිල්ලක් ලැබී ඇති බව පවසා, මවගේ ප්‍රකාශයක් ලබාගෙන ඒ සඳහා නීති මඟින් කටයුතු සිදු නොකර සිටීමට හා භාරයට ගත් රියදුරු බලපත්‍රය නැවත ලබාදීමට රු.5,000/- ක මුදලක් ඉල්ලා එයින් මුලින් රු.1,000/- ක මුදලක් ලබා ගෙන රියදුරු බලපත්‍රය ලබා දී, මවගේ නැවත ප්‍රකාශයක් ලබා නොගෙන 119 පැමිණිල්ල ඉවත් කර නීති මඟින් කටයුතු නොකර සිටීමට ඉතිරි රු.4,000/- ක මුදල අල්ලස් ලෙස ඉල්ලා, ලබා ගැනීමේ අල්ලස් චෝදනාව මත අක්කරපත්තුව පොලිස් ස්ථානයේ (රථ වාහන අංශය) සේවයේ නියුතු පොලිස් සැරයන්වරයෙකු 2026.03.26 දින පෙ.ව 10.12ට පමණ අක්කරපත්තුව රෝහල තුළ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search