රුපියල් 50,000/- (රුපියල් පනස්දහස) ක මුදලක් අල්ලස් ලෙස පිරිනැමීමේ චෝදනාව මත යතුරු පැදි කාර්මිකයෙකු අත්අඩංගුවට

බෙම්මුල්ල පොලිස් ස්ථානයේ, උප පොලිස් පරික්ෂකවරයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, නියමිත ධාරිතාවයට වඩා වැඩි යතුරු පැදියක් මාර්ගයේ ධාවනය කිරීම සහ ලියා පදිංචි නොකර ධාවනය කිරීම යටතේ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති යතුරු පැදිය සම්බන්ධයෙන් නීති මඟින් කටයුතු නොකර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් තොරව නැවත යතුරු පැදිය ලබා දෙන ලෙසට ඉල්ලා ඒ සඳහා රු.50,000/- (රුපියල් පනස්දහස) ක අල්ලස් මුදලක් පිරිනැමීමේ චෝදනාව මත කළගෙඩිහේන ප්‍රදේශයේ පදිංචි යතුරුපැදි කාර්මිකයෙකු 2026.01.21 වන දින පෙ.ව. 10.50 ට පමණ බෙම්මුල්ල පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාගේ නිල මේසය ඉදිරිපිට දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search