රුපියල් 200,000/- (රුපියල් ලක්ෂ දෙක) ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබාගැනීමේ චෝදනාව මත විශ්‍රාමික නාවික හමුදා වෛද්‍ය සහායකයෙකු අත්අඩංගුවට

වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරුගේ වැඩිමහල් දියණිය කොළඹ විශාඛා විද්‍යාලයට 2026 වර්ෂයේ පළමු ශ්‍රේණිය සඳහා ඇතුළත් කර දීමට අවශ්‍ය කටයුතු සලසා දීම සඳහා රුපියල් ලක්ෂ 03 ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා එයින් ලක්ෂයක මුදලක් අවස්ථා තුනක දී ලබාගෙන ඉතිරි රු.200,000 /- (රුපියල් ලක්ෂ දෙකක) මුදල ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත විශ්‍රාමික නාවික හමුදා වෛද්‍ය සහායකයෙකු 2026.01.13 වන දින ප.ව. 7.45 ට පමණ තිඹිරිගස්යාය ඩී.එස්.‌ෆොන්සේකා පාරට හැරෙන හන්දිය අසල දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search