හුලංනුගේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරු වගාකටයුතු සිදු කරනු ලබන ඔහුගේ සහ බිරිඳගේ නමට වෙන් වෙන් වශයෙන් ඇති අක්කර 04ක ඉඩමෙන් නෙළුම්වැවයාය නම් රක්ෂිතයට වෙන් කර ඇති කොටසේ පැමිණිලිකරු විසින් වගා කටයුතු සිදු කිරීමේ වරද සම්බන්ධයෙන් නඩු නොපවරා සිටීම සඳහා රුපියල් 30,000/- (රුපියල් තිස්දහස) ක මුදලක් සහ ගල් වර්ගයේ අරක්කු බෝතලයක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත හුලංනුගේ බීට්ටු වන නිලධාරී කාර්යාලයේ සේවයේ නියුතු බීට්ටු වන නිලධාරියෙකු 2026.01.12 වන දින ප.ව. 1.15 ට පමණ මත හුලංනුගේ බීට්ටු වන නිලධාරී කාර්යාලය තුළ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
නවතම පුවත්
මුදල් විශුද්ධිකරණය සඳහා ආධාර අනුබල ලබා දීමේ චෝදනාව මත චමිත්‍රි ජයනිකා රඹුක්වැල්ල යන අය අත්අඩංගුවට
පෙබරවාරි 09 2026
2026 වර්ෂයට අදාළව මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය මඟින් වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීම
පෙබරවාරි 04 2026
මුදල් විශුද්ධිකරණය සඳහා ආධාර අනුබල ලබා දීමේ චෝදනාව මත යූ.ඩී.එම්.සෙනෙවිරත්න බණ්ඩාර රඹුක්වැල්ල යන අය අත්අඩංගුවට
පෙබරවාරි 04 2026








