රාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරු විසින් අනුමත කර ගැනීම සඳහා ඉදිරිපත් කරන ලද ගොඩනැගිලි සැලැස්මේ අඩුපාඩු පෙන්වා එම අඩුපාඩු නොසලකා සැලැස්ම අනුමත කර දීමට අවශ්‍ය කටයුතු සිදු කර දීම සඳහා අල්ලස් ලෙස රුපියල් 50,000/- (රුපියල් පනස්දහස) ක මුදලක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත වත්තල ප්‍රාදේශීය සභාවේ වැලිසර උප කාර්යාලයේ තාක්ෂණික නිලධාරියෙකු 2026.01.07 වන දින ප.ව. 3.50 ට පමණ වත්තල ප්‍රාදේශීය සභාවේ වැලිසර උප කාර්යාලයේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
නවතම පුවත්
මුදල් විශුද්ධිකරණය සඳහා ආධාර අනුබල ලබා දීමේ චෝදනාව මත චමිත්‍රි ජයනිකා රඹුක්වැල්ල යන අය අත්අඩංගුවට
පෙබරවාරි 09 2026
2026 වර්ෂයට අදාළව මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය මඟින් වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීම
පෙබරවාරි 04 2026
මුදල් විශුද්ධිකරණය සඳහා ආධාර අනුබල ලබා දීමේ චෝදනාව මත යූ.ඩී.එම්.සෙනෙවිරත්න බණ්ඩාර රඹුක්වැල්ල යන අය අත්අඩංගුවට
පෙබරවාරි 04 2026








