ගම්පහ මූලස්ථාන පොලිස් ස්ථානයේ, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති අල්ලස් චෝදනා මත අත්අඩංගුවට

ජා-ඇල දඩුගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව වෙනත් පුද්ගලයකු විසින් සොරකම් කර ඇති රන් භාණ්ඩ පැමිණිලිකරු මිලදී ගෙන ඇති බවට පවසා, එම සොර බඩු සම්බන්ධයෙන් නීති මගින් කටයුතු නොකර සිටීමට හා අධිකරණය වෙත ඉදිරිපත් නොකර සිටීමට රු. 300,000/-ක මුදලක් හා රන් පවුම් ¾ ක ප්‍රමාණයක් අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් රු. 250,000/- ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීම සම්බන්ධව ගම්පහ මූලස්ථාන පොලිස් ස්ථානයේ, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා 2025.12.25 වන දින ප.ව. 03.10ට පමණ ගම්පහ තක්ෂිලා මහා විද්‍යාලය ඉදිරිපිට මාර්ගයේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search