අත්තනකඩවල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරු විසින් ඔහුට අයත් යතුරු පැදියෙන් 2025.12.09 වන දින ගමන් කරමින් සිටිය දී ඔහුගේ යතුරු පැදිය නවතා පරීක්ෂා කර, වලංගු රියැදුරු බලපත්‍රයක් හා ආදායම් බලපත්‍රයක් නොමැතිව, බීමත්ව ධාවනය කිරීම සම්බන්ධයෙන් නීති මගින් කටයුතු නොකර, පැමිණිලිකරුගේ යතුරු පැදියේ රක්ෂණ සහතිකය සහ කල් ඉවත් වූ ආදායම් බලපත්‍රය සැකකාර පොලිස් නිලධාරීන් භාරයට ගෙන, එම බලපත්‍ර දෙක ආපසු ලබාදීම සඳහා රු. 5,000/- ක (රුපියල් පන්දහසක) මුදලක් අල්ලස් ලෙස ඉල්ලූ, දියබෙදුම පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ සේවය කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙකු සහ පොලිස් සැරයන්යරයෙකු 2025.12.11 වන දින පෙ.ව.11.30 ට පමණ දියබෙදුම සති පොල ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
නවතම පුවත්
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු සහ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයෙකු දූෂණ චෝදනා මත අත්අඩංගුවට
අප්‍රේල් 09 2026
නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ, සභාපතිවරයා දූෂණ චෝදනාව මත අත්අඩංගුවට
අප්‍රේල් 09 2026
මධ්‍යගත ඉලෙක්ට්‍රොනික වත්කම් හා බැරකම් ප්‍රකාශන පද්ධතිය ප්‍රකාශකයින් සඳහා විවෘත කිරීම
අප්‍රේල් 09 2026
විශ්‍රාමික ග්‍රාම නිලධාරිවරයෙකු දූෂණ වරදට අත්අඩංගුවට
අප්‍රේල් 06 2026
හඳුනා ගැනීම් හා වැටලීම්
අරක්කු බෝතලයක් ඉල්ලා, ලබාගැනීමේ අල්ලස් චෝදනා මත, ධර්මපූරම් පොලිස් ස්ථානයේ , පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට
අප්‍රේල් 12 2026
රු.45,000/- ක (රුපියල් හතළිස්පන්දහසක) මුදලක් ඉල්ලා, ලබාගැනීමේ අල්ලස් චෝදනාව මත, තැරැව්කරුවෙකු අත්අඩංගුවට
අප්‍රේල් 07 2026








