ඒත්තාල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරුට අයත් යතුරු පැදියේ සංඥා පහන් අක්‍රීය තත්ත්වයේ පැවතීම සම්බන්ධයෙන් 2025.11.19 වන දින ලබාගෙන තිබූ රථවාහන නඩුවට අදාළ නීති මඟින් ඉදිරි කටයුතු නොකර පොලිසිය භාරයට ගෙන තිබූ පැමිණිලිකරුට අයත් රියදුරු බලපත්‍රය ආපසු පැමිණිලිකරුට ලබාදීමට මුල් අවස්ථාවේ දී රු.2,200/- ඉල්ලා, අද දින (2025.12.17) තවත් රු.1,000/- ක මුදලක් වැඩිකර, රු.3,200/- (රුපියල් තුන්දහස් දෙසීයක) මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබාගැනීමේ චෝදනාව මත හලාවත මූලස්ථාන පොලිස් ස්ථානයේ සේවය කරනු ලබන පොලිස් සැරයන්වරයෙකු (වැඩබලන ස්ථානාධිපති රථවාහන) 2025.12.17 වන දින ප.ව.4.10 ට පමණ හලාවත මූලස්ථාන පොලිස් ස්ථානයේ ප්‍රධාන දොරටුව අසල දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
නවතම පුවත්
අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත සහකාර පොලිස් අධිකාරිවරයෙකු සහ කාන්තා පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට
ජනවාරි 06 2026
මහවැලි අධිකාරියේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයෙකු දූෂණය වරද හා පොදු දේපල පනත යටතේ අත්අඩංගුවට
දෙසැම්බර් 22 2025
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති දූෂණ චෝදනා මත අත්අඩංගුවට
දෙසැම්බර් 16 2025
බෙලිඅත්ත ප්රාදේශීය සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට
දෙසැම්බර් 14 2025








