ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ බවුසර් රිය සහායක තනතුරේ රැකියා ලබාදීමේ පොරොන්දුවක් මත අවස්ථා 02 කදී පැමිණිලිකරුගෙන් සහ පැමිණිලිකරුගේ මිතුරකුගෙන් රු.40,000/- ක මුදලක් ද, බැංකු ගිණුමක් මඟින් රු.10,000/- ක මුදලක් ද අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් පුද්ගලික අංශයේ ආරක්ෂකයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් 2025.11.20 වන දින පෙ.ව.11.30 පමණ කැළණිය, පෙතියාගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගන්නා ලදී.








