මුලතිව් මුල්ලියාවලි ප්‍රදේශයේ පදිංචිකාරියක විසින් සිදුකළ පැමිණිල්ලක් අනුව විදේශගතව සිටින පැමිණිලිකාරියගේ ස්වාමිපුරුෂයාට අයත් පර්චස් 120ක ඉඩමෙන් පර්චස් 20ක ප්‍රමාණය මුලින් ස්වාමිපුරුෂයාගේ නමින් බලපත්‍රය කුච්චවේලි ප්‍රාදේශීය ලේකම්වරයාගේ මාර්ගයෙන් රු. 160,000/-ක මුදලක් අල්ලස් ලෙස ලබාගෙන සකස් කර දී ඉතිරි ඉඩම් කොටස සඳහා ස්වාමිපුරුෂයා බලපත්‍ර සකස් කර ගැනීමට විදේශගතව සිට නැවත සභාපතිවරයාට කතාකිරීමෙන් පසුව කර දෙන බව පවසා ඒ සඳහා රු. ලක්ෂ 05 ක මුදලක් ස්වාමිපුරුෂයාගෙන් ඉල්ලා, ඔහු විදේශගතව සිටින නිසා එම කටයුතු කර දීමට පැමිණිලිකාරිය යොමු කරන ලෙස කරන ලද දැනුම් දීම අනුව පැමිණිලිකාරිය දුරකතනයෙන් සභාපතිවරයාට කථාකල පසු ස්වාමිපුරුෂයාගේ නමින් ඉතිරි ඉඩම් කොටසේ බලපත්‍ර කුච්චවේලි ප්‍රාදේශීය ලේකම්වරයා මගින් සකස් කර දීමට අවශ්‍ය කටයුතු කර දීමට රු. 500,000ක් ඉල්ලා, ලබාගැනීමේදී කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපති අයිනියප්පිල්ලේ මුබාරක් යන ය සහ සභාපතිවරයාගේ පුද්ගලික රියදුරු මෝහම්මදු මුස්තාෆා ඉර්සාත් යන අය 2025.10.31 දින ප.ව. 12.10 ට පමණ පුල්මුඩේ ත්‍රිකුණාමලය මාර්ගයේ ඉක්බාල් නගර 07 කනුව අසල වෙළඳසැලක් ඉදිරිපිටදී කොමිෂන් සභාවේ විමර්ෂණ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
නවතම පුවත්
මුදල් විශුද්ධිකරණය සඳහා ආධාර අනුබල ලබා දීමේ චෝදනාව මත චමිත්‍රි ජයනිකා රඹුක්වැල්ල යන අය අත්අඩංගුවට
පෙබරවාරි 09 2026
2026 වර්ෂයට අදාළව මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය මඟින් වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීම
පෙබරවාරි 04 2026
මුදල් විශුද්ධිකරණය සඳහා ආධාර අනුබල ලබා දීමේ චෝදනාව මත යූ.ඩී.එම්.සෙනෙවිරත්න බණ්ඩාර රඹුක්වැල්ල යන අය අත්අඩංගුවට
පෙබරවාරි 04 2026








