අඩ්ඩාලචේන ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලක් මත, කොච්චිකච්චේන කුඹුරු යායට ජලය සපයන ඇල මාර්ගය සුද්දකිරීමට පැමිණිලිකරු සභාපතිත්වය දරණ ගොවි සමිතිය මඟින් කරන ලද ඉල්ලීමට අනුව, අක්කරපත්තුව වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ලබා දී ඇති ස්කැවේටර් යන්ත්‍රය සඳහා ගොවි සමිතිය මඟින් ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව පවසා, ඒ සඳහා වැඩිපුර ඩීසල් ලීටර් 51ක් වැය වන බවට දන්වා ඒ වෙනුවෙන් රුපියල් දහතුන්දහස් දෙසීයක (රු.13,200/-) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබාගැනීම සහ එම මුදල ලබා ගැනීමට ආධාර අනුබල ලබාදීම යන චෝදනා මත පොතුවිල් ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ කම්කරුවෙකු (යන්ත්‍ර ක්‍රියාකරුවෙකු) සහ අක්කරපත්තුව සහකාර ඉංජිනේරු ඒකක කාර්යාලයේ නඩත්තු කම්කරුවෙකු 2025.10.17 වන දින ප.ව.3.40ට පමණ කොච්චිකච්චේන කුඹුරු යායට යන මාර්ගයේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
නවතම පුවත්
සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරිනියක (විශ්‍රාමික) දූෂණ වරද මත අත්අඩංගුවට
අප්‍රේල් 28 2026
අල්ලස් ලබාගත් කම්කරු ක්ෂේත්‍ර නිලධාරියෙකුට වසර 06 බැගින් සිරදඬුවම්
අප්‍රේල් 28 2026








