රු.1,200,000/-ක (රුපියල් ලක්ෂ දොළහක) මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබාගත් කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට

මහව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, සැකකරු විසින් අනවසරයෙන් අල්ලාගෙන වගා කටයුතු සිදු කරන ලද අක්කර 20ක පමණ ප්‍රමාණයක රජයේ ඉඩමකින් අක්කර 12ක පමණ ප්‍රමාණයක් පැමිණිලිකරු වෙත වගා කටයුතු සිදු කිරීම සඳහා එම ඉඩමට පැමිණිලිකරු මඟින් අක්කරබදු ගෙවූ බවට කුවිතාන්සියක් ලබා දී ඒ සඳහා අවශය කටයුතු සිදු කර දීම සඳහා මුලින් ලක්ෂ 35ක මුදලක් ඉල්ලා එයින් පසුව ලක්ෂ 10ක මුදලක් ලබාගැනීම සහ ඉතිරි ලක්ෂ 25ක මුදලින් රු.1,200,000/-ක (රුපියල් ලක්ෂ දොළහක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබාගැනීමේ අල්ලස් චෝදනාව මත දියළුම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් 2025.10.16 වන දින ප.ව.12.15ට පමණ තණමල්විල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ඇතිලිවැව නගරයේ අවන්හලක් තුළ දී අත්අඩංගුවට ගන්නා ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search