පිටිගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලක් අනුව පැමිණිලිකරුගේ නිවස ඉදිකිරීම සඳහා නිවාස සංවර්ධන අධිකාරිය මගින් ලබාදෙන රු. ලක්ෂ 10 ක ආධාර මුදල ලබාදීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය හා නිර්දේශය ලබාදීමට රු. 50,000/- ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, 2025.08.19 දින මෙම ආධාර මුදලේ පළමු වාරිකය ලෙස රු. 146,000/- ක මුදල පැමිණිලිකරු ලබාගන්නා අවස්ථාවේදී ඉන් රු. 25,000/- ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගෙන ඇති අතර, ඉතිරි ආධාර මුදල ලබාගැනීමට අවශ්‍ය කටයුතු කරදීමට හා නිර්දේශය ලබා දීම වෙනුවෙන් රු. 25,000/- ක මුදලක් ඉල්ලා ලබාගැනීමේ දී ගාල්ල, නිවාස සංවර්ධන අධිකාරී කාර්යාලයේ නිවාස (තාක්ෂණික) නිලධාරියෙකු 2025.09.15 වන දින පෙ.ව. 11.45 ට පමණ නියාගම, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන අංශය තුළදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගන්නා ලදී.
නවතම පුවත්
මුදල් විශුද්ධිකරණය සඳහා ආධාර අනුබල ලබා දීමේ චෝදනාව මත චමිත්‍රි ජයනිකා රඹුක්වැල්ල යන අය අත්අඩංගුවට
පෙබරවාරි 09 2026
2026 වර්ෂයට අදාළව මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය මඟින් වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීම
පෙබරවාරි 04 2026
මුදල් විශුද්ධිකරණය සඳහා ආධාර අනුබල ලබා දීමේ චෝදනාව මත යූ.ඩී.එම්.සෙනෙවිරත්න බණ්ඩාර රඹුක්වැල්ල යන අය අත්අඩංගුවට
පෙබරවාරි 04 2026








