සයින්දමරුදු ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, සැකකරු භාරයට ගන්නා ලද පැමිණිලිකරුගේ ආදායම් බලපත්‍රය නඩු නොපවරා පැමිණිලිකරුට ආපසු ලබාදීම සඳහා අල්ලස් වශයෙන් රු.10,000 (රුපියල් දසදහසක) මුදලක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත අම්පාර කොට්ඨාසයේ, කාර්තිවු පොලිස් ස්ථානයේ, පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් 2025.09.11 වන දින ප.ව.6.10ට පමණ කාර්තිවු පොලිස් ස්ථානයේ චෝදනාගාරයේ දී අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු සමන්තුරේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.








