ඔරුගොඩවත්ත බහාලුම් පර්යන්තයේ දී වාප්පු ලිපිකරුවෙකු අල්ලස් ලබාගැනීම හා ලබාදීමේ සිද්ධියක් සම්බන්ධව අත්අඩංගුවට

කඩුවෙල, කොරතොට ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලක් අනුව පැමිණිලිකරු විසින් ගෙන්වන ලද බහාලුමක් (Container) නිෂ්කාශනය කරදීම වෙනුවෙන් රේගු නිලධාරීන්ට ලක්ෂ පහක (රු. 500,000/-) මුදලක් අල්ලස් ලෙස ලබාදීමට මැදිහත් වීම සහ තවත් රු. 329,000/- ක මුදලක් තුටුපඩුරක් ලෙස අල්ලස් වශයෙන් ඉල්ලා රු. 330,000/- ක මුදලක් ලබාගැනීම සම්බන්ධව ශ්‍රී ලංකා රේගුවේ ලියාපදිංචි පුද්ගලික ආයතනයක වාප්පු ලිපිකරුවෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගන්නා ලදී. මෙම අත්අඩංගුවට ගැනීම 2025.08.28 වන දින ප.ව. 5.30 ට පමණ ඔරුගොඩවත්ත බහාලුම් පර්යන්තයේ දී සිදුවිය.

මීට පෙර ද, වෙනත් බහාලුමක් නිෂ්කාශනය කරදීම වෙනුවෙන් උක්ත වාප්පු ලිපිකරු විසින් රු. 1,045,000/- ක මුදලක් පැමිණිලිකරුගෙන් අල්ලස් ලෙස ලබාගෙන රේගු නිලධාරීන්ට ලබා දීමක් සම්බන්ධව පැමිණිලිකරු විසින් ප්‍රකාශ කර ඇත. තවද, ඔරුගොඩවත්ත මගී භාණ්ඩ පර්යන්යන්තයේ රේගු නිලධාරීන්ගේ රාජකාරී කාර්යාලයේ රාජකාරී ලිපි ලේඛණ ඇතුලත්ව තිබූ කබඩ් එකක් තුළ තිබී අපරාධ තුළින් උත්පාදනය කළ බවට සැක කළහැකි රු. 370,000/- මුදලක් ද කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ භාරයට ගන්නා ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search