2025.08.26 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් සිදු කළ වැටලීම් දෙකක දී පහත පරිදි අත්අඩංගුවට ගැනීම සිදු කරන ලදි.
- සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරු විසින් මිල දී ගන්නා ලද තේක්ක ගස් 18ක් කැපීම සඳහා නීත්‍යනුකූල බලපත්‍ර ලබාගැනීමට අවශ්‍ය ග්‍රාමනිලධාරියා විසින් ඉඩම පරීක්ෂා කර ලබා දිය යුතු හිටිගස් වාර්තාව ලබාදීම වෙනුවෙන් රු.23,000/-ක වටිනා මෙලමයින් වර්ගයේ දොරපලු දෙකේ කුඩා අල්මාරියක් පැමිණිලිකරුගෙන් ඉල්ලා එම අල්මාරිය සඳහා ගෙවිය යුතු ඉහත මුදල පැමිණිලිකරුට වෙළඳසැලට ගෙවීමට කටයුතු කරන ලෙසට දන්වා එම බිල්පත අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගෙන හිටිගස් වාර්තාව පැමිණිකරුට ලබාදීම යන චෝදනා මත සියඹලාණ්ඩුව, බරවාය ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරිනියක අත්අඩංගුවට ගන්නා ලදි.
- පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිකරුට අයත් පොල්ගහවෙල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 01 කණුවක් කිලෝමීටර් 02 කණුවක් අතර පිහිටි ඉඩමේ අනවසර ඉදි කිරීමක් ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් නිවේදනය කර ඇති ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීම සම්බන්ධව ඉදිරි කටයුතු නොකර නීත්‍යනුකූලව කටයුතු සිදු නොකිරීමට හා ඊට අදාළව කාර්යාලයේ පවත්වාගෙන ගිය ගොණුවේ ලිපිලේඛණ ආපසු පැමිණිලිකරු වෙත ලබා දීම සඳහා අල්ලස් වශයෙන් රු.150,000/- ක මුදලක් ඉල්ලා එම මුදල 120,000/- දක්වා අඩුකර ඉල්ලා ගැනීමේ චෝදනා මත කුරුණෑගල, මාර්ග සංවර්ධන අධිකාරියේ විධියක ඉංජිනේරු කාර්යාලයේ සේවය කරනු ලබන 01 වන ශ්‍රේණියේ ලිපිකරුවෙකු අත්අඩංගුවට ගන්නා ලදි.








