ආඬිඅම්බලම, ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරියෙකු සහ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහයකවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට

ජා-ඇල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් සිදුකළ පැමිණිල්ලක් අනුව, ආඬිඅම්බලම, ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරියෙකු සහ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහයකවරයෙකු රු.300,000/- ක අල්ලස් ඉල්ලා ලබාගැනීමේ දී ආඬිඅම්බලම, ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරී කාර්යාලය තුළ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් 2025.08.15 වන දන ප.ව.2.00ට පමණ අත්අඩංගුවට ගන්නා ලදි.

පැමිණිලිකරුට අයත් පර්චස් 50ක කුඹුරු ඉඩම, කුඹුරු ඉඩමක් නොවන බවට නිර්දේශ කරගැනීමට සහ එම නිර්දේශය ලැබෙන තුරු අදාළ ඉඩම කුඹුරු ඉඩමක් නොවන බවට සහතික කර ලිපියක් ලබාදීමටත් රු.300,000/- ක අල්ලස් ඉල්ලා ලබාගැනීමේ දී සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලදි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search