කීර්තිබණ්ඩාරපුර පොලීස් ස්ථානයේ සැරයන්වරයෙකු රු. 10,000/- අල්ලස් ලබාගැනීම සම්බන්ඳව අත්අඩංගුවට

කන්දකැටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් සිදුකළ පැමිණිල්ලක් අනුව කීර්තිබණ්ඩාරපුර පොලීස් ස්ථානයේ සැරයන්වරයෙකු රු. 10,000/- අල්ලස් ඉල්ලා ලබාගැනීමේදී කීර්තිබණ්ඩාරපුර හෝටලයක් තුළදී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවේ විමර්ෂණ නිලධාරීන් විසින් 2025.08.05 දින පෙ.ව. 945 ට පමණ අත්අඩංගුවට ගන්නා ලදී.

පැමිණිලිකරුට අයත් වැලි ප්‍රවාහනය කරනු ලබන ලොරි රථයක් නවතා එහි වැලි ප්‍රවාහන බලපත්‍රය අත්සන් නොකර සිටීමටත්, වැලි ප්‍රවාහන කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමටත් රු. 10,000/- ක අල්ලස් ඉල්ලා ලබාගැනීමේදී සැකකරු අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට ගත් සැකකරු වලපනේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2025.08.18 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search