ඔක්කම්පිටිය ගාමිණීපුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, රුපියල් 40,000/-ක අල්ලස් මුදලක් ඉල්ලා ලබා ගැනීමේ දී ඔක්කම්පිටිය පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
අදාළ පැමිණිලිකරු විසින් ඔක්කම්පිටිය ප්‍රදේශයේ පවත්වා ගෙන යනු ලබන වැලි ව්‍යාපාරය කරදරයකින් තොරව පවත්වා ගෙන යාමට හා වැලි කැණීම් කරන ස්ථානයේ සිට ගබඩාවට ට්‍රැක්ටර් මගින් වැලි ප්‍රවාහනය සිදු කරනු ලබන අවස්ථාවන් හි දී නීති මගින් කටයුතු නොකර සිටීම සඳහා මාසිකව රුපියල් 50,000/-ක මුදලක් බැගින් ඉල්ලා, අවස්ථා ගණනාවක දී රුපියල් 47,000/-ක මුදලක් ඉල්ලා ලබා ගෙන නැවත ඉහත පරිදි කටයුතු කර දීම සඳහා සැකකරු විසින් අලුතින් ඉදිකරනු ලබන නිවසේ වැඩ කටයුතු සඳහා වැලි කියුබ් 03ක් හෝ එහි වටිනාකම වන රුපියල් 45,000/-ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා එකී මුදල රුපියල් 40,000/- දක්වා අඩුකර ලබා ගැනීමේ දී අදාළ සැකකරු 2025.07.29 දින පස්වරු 5.07ට පමණ මාලිගාවිල - මොනරාගල මාර්ගයේ වීරගස් හංදිය අසල දී අත්අඩංගුවට ගන්නා ලදී.








