රාගම ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියදුරෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, සැකකරුවන් විසින් 2025.07.07 වන දින පැමිණිලිකරු මත්කුඩු විකුණන බවට චෝදනා කර , නිවස පරීක්ෂා කර, මත්කුඩු ග්‍රෑම් 50 ක් තිබූ බවට නඩු පවරන බවට බොරු චෝදනා කර, ඊට නඩු නොදමා සිටීමට රු.500,000/- (රුපියල් ලක්ෂ පහක) මුදලක් ඉල්ලා ඇත.
පසුව ,එම මුදල රු.200,000/- කට (රුපියල් ලක්ෂ දෙකකට) අඩු කර, එම අවස්ථාවේ දී රු.20,000/- ක (රුපියල් විසිදහසක) මුදලක් ඉල්ලා ලබාගත් පැමිණිල්ලට අනුව සිදු කරන ලද විමර්ශනයෙන් පසු ඉදිරිපත් වූ සාක්ෂි මත ඉතිරි මුදල වන රු.180,000/- (රුපියල් ලක්ෂ එක්ලක්ෂ අසූදහසක) ක මුදල ඉල්ලා, එම මුදල ලබා දෙන තෙක් ඇපයට තබාගන්නා ලද පැමිණිලිකරුගේ බිරිඳගේ විදේශ ගමන් බලපත්‍රය 2025.07.09 වන දින ආපසු ලබා දී රු.180,000/- ක මුදල ඉල්ලා භාරගැනීම යන චෝදනාවන් මත ශ්‍රී ලංකා පොලීසියේ අපරාධ කොට්ඨාසයට (බස්නාහිර පළාත උතුර දිශාව) අනුයුක්තව සේවය කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙකු සහ පොලිස් කොස්තාපල් රියදුරෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් 2025.07.09 වන දින ප.ව.3.00ට පමණ රාගම සතොස වෙළඳසැල ඉදිරිපිට දී (රාගම-කඩවත මාර්ගයේ දී) අත්අඩංගුවට ගන්නා ලදී.








