රු.50,000/-ක (රුපියල් පනස්දහසක) මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබාගත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට

පිළියන්දල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරු විසින් දෙමටගොඩ, කොළොන්නාව පාරේ පවත්වාගෙන යනු ලබන ආයතනයක 2025 වර්ෂයට අදාළ බදු නිශ්කාෂන වාර්තාව ලබා ගැනීමට කටයුතු කිරීමේ දී පසුගිය වර්ෂයන් සඳහා රුපියල් 1,100,000/- (රුපියල් ලක්ෂ එකළොහ)ක හිඟ බදු මුදලක් ගෙවීමට ඇති බව දන්වා, එය ඉවත් කර, 2025 වර්ෂයට අදාළව නිශ්කාෂණ වාර්තාව ලබා දීම වෙනුවෙන් රුග100,000/- (රුපියල් ලක්ෂයක) මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ඇත. එම මුදල රු.50,000/- (රුපියල් පනස්දහස) දක්වා අඩුකර, එකී අඩු කළ මුදලින් රු.42,000/-ක (රුපියල් හතළිස් දෙදහසක) මුදලක් 2025.07.03 වන දින ද, ඉතිරි රු.8,000/- ක (රුපියල් අටදහස) මුදල 2025.07.07 වන දින අල්ලස් ලෙස ඉල්ලා ලබාගැනීමේ දී ජාවත්ත පාරේ පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නගර ශාඛාවේ, නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු වන කේ.සී.කේ.කුමාර යන අය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් 2025.07.07 වන දින ප.ව.3.08ට පමණ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අදාළ කාර්යාලයේ දී අත්අඩංගුවට ගන්නා ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search